FAST NEWS

24×7 Around the Globe

රටම අවධානම් මොහොතක හිටපු ජනපති පුතු සාද පවත්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ අවස්ථාවේ රජයෙන් ලබා දෙන නියෝග රටේ දේශපාලන බලවතුන්ගේ දරුවන්ට අදාල නොවේද.

කොරෝනා වයිරසය පැතිර යාම නිසා ඇදිරි නීතිය පනවා ඇති ‌‌අවස්ථාවක හිටපු ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සිය ‌කොළඹ, ‌ක්‍මේබ්‍රිජ් ප්ලේස්හි පිහිටි සුවිසල් නිවෙසේ ඉහළම විවෘත මහලෙහි සාදයක් (Pool Party) පවත්වා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ‘සන්‌‌ඩේ ටයිම්ස්’ පුවත්පතේ ‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිනී විජේදාස ‌පොලිසිය ‌වෙත පැමිණිලි ‌කොට තිබේ .

පෙරේදා (28) රාත්‍රී ඇරැඹි ‌මෙම සාදය ඊයේ අලුයම 2.30 දක්වා පැවැති බව ‌පෙන්වා ‌දෙන මාධ්‍යවේදිනිය, ඇදිරි නීතිය පනවා තිබෙන ‌මෙවන් අවස්ථාවකදී ‌මෙවැනි සාදයක් පැවැත්වීමත්, ‌පොලිස් නිලධාරීන් පවා කිසිවක් ‌නොකොට ඒ අවස්ථාවේ මාර්ගයේ රැදී සිටි බවත් සදහන් කරයි .