FAST NEWS

24×7 Around the Globe

ඉතාලියේ මරණ දස දහස ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් |ඉතාලිය ) – ගතවූ පැය 24 තුළදී නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මරණ 889ක් වර්තා වී තිබේ.

ඒ අනුව එරට සිදුවූ සමස්ථ මරණ සංඛ්‍යාව අද වන විට දස දහස ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා පවසය.

මේ අතර ඇමෙරිකාවද දරුණු ලෙස වෛරසයට ගොදුරු වෙමින් තිබේ.
අමෙරිකාවෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 123,000කට අධිකයි.

මේ වන විට සමස්ත නිව්යෝක් ප්‍රාන්තයම නිරෝධායනයට ලක්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී ඇත.

නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ 30,851 ක් වාර්තා වී තිබේ.

හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 662,967 කි.

කෙසේවෙතත් ආසාදිතයින් 141,953 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.