FAST NEWS

24×7 Around the Globe

සේයාගෙ බැනර් දෙක ලස්සන අදහස් නිසාම ලැප්ටොප් එකට දාගෙන තිබුණා -සේයා ඝාතනයේ සැකකාර පාසල් සිසුවා අදහස් දක්වයි.

“මම හැමදාම අම්මත් එක්ක එකම ඇඳේ නිදාගන්නෙ. මේ සිද්ධිය චෙච්ච දවසෙත් නිදා ගත්තෙ අම්මත් එක්ක. එදා උදේ සේයා ගෙ සීයා සේයා ගෙදර නැතැයි හොයන කොට මමත් හැම තැනම ගමේ අයත් එක්ක සේයාව හෙවුවා. හමු වුණේ නැහැ . පස්සේ මිනිය සොයා ගත්තාම අපි මරණ ගෙදර වැඩට උදව් වුණා. මිනිය වල දමපු දිනට පසු වදා කටඋත්තර ගන්න කියල මාව පොලිසියෙන් අරන් ගියා.” කොටදෙණියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ අමානුෂික ඝාතනය සම්බන්ධව සැකපිට අත් අඩංගුවට ගෙන සිටි 17 හැවිරිදි සුරංජන් ප‍්‍රදීප් සෙනෙවිරත්න නිදහස ලැබිමෙන් පසු සිය ගමේදී හමු වූ අවස්ථාවේදි එසේ පැවසීය.

සුරංජන් හා කැලූම් අත්තනායක (33) ඊයේ (01 දා) මිනුවන්ගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ මහතා විසින් නිදහස් කරනු ලැබූයේ සේයා ගේ මරණය සම්බන්ධව ප‍්‍රමණවත් සාක්ෂි ඔවුන්ට එරෙහිව නොමැති වීමත් ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි ඔවුන් නිදොස් බයට ඔප්පුවීමත් නිසාය.
එහිදී සුරංජන් මෙසේ අදහස් දැක්වීය.

“කැලුම් අයියව ගෙනිච්ච කියල මම දන්නෙ නැහැ. පොලීසියෙන් දෙන්න පුලුවන් වද දිල සේයාට කරපු දේ ගැන ඇසුවා . මම මොනවා කියන්නද ? මම දන්නෙ නැති දේවල් කොහොමද කියන්නෙ. ඊට පස්සෙ සි. අයි. ඞී. එකට අරන් ගිහින් ප‍්‍රශ්න කලා. මම සේයා නංගිගෙ මරණයට දමල තිබුණ බැනර් දෙකක් ලස්සන අදහස් නිසාම ලැප්ටොප් එකට දාගෙන තිබුණා. ඒක ගැන තමයි වැඩියෙන්ම ප‍්‍රශ්න කළේ.

පස්සෙ ඒගොල්ලන්ට තේරුණා අපි වරදක් කරල නැහැ කියල. අපිව වෛද්‍ය පරික්ෂණ වලටත් ලක් කලා .අපි වරදක් නොකළ නිසා බය වුණේ නැහැ. . නමුත් අපි ගැන මුලු ලොවටම කිවේ මාධ්‍යයයි. එයින් අපේ අනාගතය සම්පුර්ණයෙන් අඳුරු කලා ඒක හදන්න කාටවත් බැහැ”

සුරංජන් ගේ මව ශ‍්‍රියාණි පුෂ්පා පැවසුවේ,

“මම එදා කීව වගේම අදත් කියන්නේ මගෙ පුතා නිර්දෝෂියි. මගෙ පුතා එයා හැමදාම කිවේ අම්මේ මම වරදක් කරල නැහැ. මම නිදා ගත්තෙ ඔයා එක්ක ඔය නංගිව මම මරන්නෙ මොකටද? මොනව ගන්නද. අම්මා බය නැතිව ඉන්න මම නිදහස් වෙනවා කියලයි. ඒ දෙය සිද්ධවුණා. උඩ ඉන්න දෙයියො අපේ දිහා බැලුවා. මම මේ සිද්ධියේන් ගමේ උදවිය කවුද කියල හොඳට හදුනා ගත්තා. ඒ ඇති. මම මගේ දරුවට උගන්නල රටට වැදගත් පුද්ගලයකු කරනවා ඒකාන්තමයි. ඒ කොහොම වුණත් අපිට වුණ අපහාසය මකන්න පුලුවන් වන්නේ මාධ්‍යයට විතරයි”