FAST NEWS

24×7 Around the Globe

ගූගල් වෙතින් කොරෝනා සටනට ඩොලර් මිලියන 800 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුප්‍රකට ගුගල් සමාගම විසින් කොරෝනා මර්ධන සටනට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක දායකත්වයක් ලබා දීමට තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉන් ඩොලර් මිලියන 250 ක් පිරිනැමීමට නියමිතයි.

අනෙක් මුදල් ප්‍රතිපාදන ව්‍යපාරික ප්‍රජාවේ යහපත වෙනුවෙන් වෙන් කර තිබේ.

මෙම අවස්ථාවේදී හැකි සෑම පාර්ශවයකටම සහය දැක්වීම සිය බලාපොරොත්තුව බව ගුගල් සමාගම සඳහන් කරයි.