FAST NEWS

24×7 Around the Globe

කොරෝනා සැක 5000ක් ගැන රාජ්‍ය බුද්ධි අංශ විමසිල්ලෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස් ආසාදිත යයි සැක සහිත පුද්ගලයන් 5000ක් ගැන රාජ්‍ය බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව හමුදාපතිවරයා පවසයි.

හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මේ වන විට රට පුරා විසිදහසකට වැඩි පිරිසක් නිරෝධයට යොමු කරනු ලැබ ඇති බවයි.

එම නිරෝධාන මධ්‍යස්ථාන වල 3600 ක පමණ පිරිසක් යොදවා ගෙන සිටින බවද සඳහන් කළේය.

එම මධ්‍යස්ථානවල සිට කොරෝනා ආසාදිතයන් තිස් තුන් දෙනෙකු මේ වන විට හමුවූ බවද ඔහු පැවසීය.