නවසීලන්ත පුහුණු සංචිත (NZC Winter Training Squad) කණ්ඩායම පරාජය කර ලින්කන්හි අද (01දා) පැවැති පළමු පුහුණු එක්දින තරගයෙන් ලකුණු 82ක ජයක් ලැබීමට ශ්රී ලංකා’ඒ’ කණ්ඩායම සමත්විය.
බර්ට් සට්ක්ලිෆ් ඕවල් (Bert Sutcliffe Oval) ක්රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 342/8 ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 343ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පුහුණු සංචිත පිතිකරුවන්ට පන්දුවාර 43.1 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 260ක් පමණි.








