FAST NEWS

24×7 Around the Globe

ගෙවුණු දවස තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 743ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 743ක් වාර්තා වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 6820ක් බවයි.

වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 69,176ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත ඉන්දියාවම දින 21 ක කාලයක් සඳහා බාහිර ලෝකයට වසා තැබීමට තීරණය කල බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පැවසීය.