FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ගේ යෝජනාව හිරුණිකා භාර ගනී.

බාල වයස්කාර දරුවන් දූෂණය කොට, ඔවුන්ට දරුණු ලෙස වධදී කුරිරු ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවලදී අධිකරණයෙන් වැරැදිකරුවන් ලෙස නම් කරන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අදාළව පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාව මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා එම කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීම ප්‍රතික්‍ෂේප කළ නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය විසින් එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවට පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දුන් බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි .මේ කල් තැබීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කිරීමට සූදානම් වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට ස්ථාවර නියෝග නිසා එය සිදුකිරීමට නොහැකි විය.