FAST NEWS

24×7 Around the Globe

දෙවැනි දිනයටත් වූහාන් හි කොරෝනා රෝගීන් වාර්තා නොවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත.

ඊයේ (19) අවසන් වූ පැය 24 තුළ වූහාන් නරගයෙන් එකදු රෝගීන් වාර්තා වී නොමැත.

කොවිඩ් 19 මුලින්ම වාර්තා වූයේ චීනයේ වූහාන් නගරයෙන් වන අතර වුහාන් නගරයෙන් මරණ දෙකක් වාර්තා වී තිබේ.

බ්‍රහස්පතින්දා දිනයේදී සුවය ලැබීමෙන් පසු රෝගීන් 703 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර එම පළාතේ මුදා හරින ලද මුළු රෝගීන් සංඛ්‍යාව 58,381 කි.