FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය විදේශිකයන්ට ඇතුල්වීම තහනම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඉහළ යාමත් සමඟ විදේශිකයින්ට රට තුළට ඇතුලුවීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද (19) පියවර ගනු ලැබීය. 

නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩ්න් ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට විදේශිකයින්ට තම රටට ඇතුලුවීම තහනම් කරන බවයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ද ප්‍රකාශ කළේ තම රටට ඇතුලුවීම හෙට සිට තහනම් කරන බවයි.

එරටින් මේ වනවිට වෛරසය ආසාදනය වූවන් 368 දෙනෙකු සොයාගෙන තිබේ.