FAST NEWS

24×7 Around the Globe

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(17) අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් ඛෙත්‍රපල් සිං පවසා ඇත්තේ, තත්ත්වය වේගයෙන් වර්ධනය වන නිසා වෛරසය වැඩි පිරිසකට ආසාදනය වීම වැළැක්වීමට ගන්නා සියලු උත්සහයන් වහා ම වැඩි කළ යුතු බවයි.

“සමූහ වශයෙන් වෛරසය සම්ප්‍රේෂණය වෙන බව තහවුරුවී තිබේ.

මෙය සුපරීක්ෂාකාරී හා ඵලදායී සෝදිසියක් පිළිබද අනතුරු ඇඟවීමකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල් 11 අතරින් රටවල් 8ක කොරෝනාවෛරසය ආසාදිතයින් තහවුරු වී තිබේ.

තායිලන්තය – 177, ඉන්දුනීසියාව – 134, ඉන්දියාව – 125, ශ්‍රී ලංකාව – 43, මාලදිවයින් – 13, බංග්ලාදේශය – 05, නේපාලය – 01, භූතානය – 01 ලෙසයි.