FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මරණ ගණන 8000 ආසන්නයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා රටවල් 165 ක ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට අට දහසකට ආසන්න වී ඇත.

වැඩිම මරණ සංඛ්‍යාව වන 3226ක් චිනයෙන් වාර්තා විය.

ඊට අමතරව ඉතාලියෙන් මරණ 2503ක් , ඉරානයෙන් මරණ 988ක් , ස්පාඤයෙන් මරණ 533ක් , ප්‍රංශයෙන් මරණ 175ක්, අමෙරිකාවෙන් මරණ 109ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙම වෛරසය ආසාධිත වූවන් ගණන එක් ලක්ෂ 98,212 දෙනෙකි.

චීනයෙන් වාර්තා වන අසාධිත පුද්ගලයින් ගණන 80,881ක්වේ.

එසේම ඉතාලියෙන් රෝගීන් 31,506 දෙනෙකු වාර්තා වී තිබේ.

එසේම මෙම වෛරසය හා සටන් කර සුවය ලැබූ පිරිස 81,734 ක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි