2017 වසරේදී එංගලනත්යේදී හා වේල්සයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා පාකිස්තානය යන රටවල් සුදුසුකම් ලබා ගත් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
තරගාවලිය සඳහා අන්තජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් අට සහභාගීවෙන අතර කණ්ඩායම් තෝරා ගැනීමේ අවසන් දිනය ඊයේ(30දා) විය.
ඊයේ(30දා) දිනයට එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් අට තරගාවලියට සුදුසුකම් ලැබීය. බංග්ලාදේශය මෙවර ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබාගත් අතර ඒ හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරගාවලියට එක්වීමට තිබූ අවස්ථාව අහිමිවිය. බංග්ලාදේශ කණ්ඩායමක් ශූරයන්ගේ කුසලාන තරගාවලියකට සුදුකම් ලැබූවේ 2006 වසරෙන් පසුව බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කියයි.
1 Australia 127
2 India 115
3 South Africa 110
4 New Zealand 109
5 Sri Lanka 103
6 England 100
7 Bangladesh 96
8 Pakistan 90






