FAST NEWS

24×7 Around the Globe

විදේශ කටයුතු ඇමතිටත් කොරෝනා වැළදිලා යයි ප්‍රචාරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් ප්‍රචාරය කෙරේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වැළඳී ඇති බව වාර්තා වීමෙන් පසු මෙලෙස සමාජ මාධ්‍ය හරහා මෙම අසත්‍ය පුවත පැතිරෙයි.

කෙසේ වෙතත් අප කල විමසීකදී විදේශ කටයුතු ඇමතිවරයාගේ ප‍්‍රකාශකයෙකු සඳහන් කරන්නේ එය සම්පූර්ණ අසත්‍යයක් බවයි.

ඊයේ දිනයේ ද ඇමතිවරයා උත්සව සහ නිල රාජකාරි කටයුතු ගණනාවකටම සහභාගි වී  තිබේ.

අසත්‍ය වාර්තා කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශකයා සඳහන් කළේය.