FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ පළමු Covid – 19 මරණය වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – Covid – 19 වෛරසය හේතුවෙන් ඉන්දියාවේ පළමු මරණය වර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඊයේ(12) රාත්‍රි මෙලෙස මියගොස් ඇති බවයි.

මීට දින දෙකකට පෙර එම පුද්ගලයාට වෛරසය වැළදි ඇති බව තහවුරු වී තිබුණි.

මේ වන විට ඉන්දියාවේ පුද්ගලයින් 74 දෙනෙකුට වෛරසය අසාධනයට ලක්වී තිබෙන අතර ඉන් සුවය ලබා ඇත්තේ සිව්දෙනෙකු පමණයි.