(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා නිසා හබරණ ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
ඒ කොරෝනා රෝගියාව සම්භාහනය කළ පුද්ගලයා නිසාය.
මෙම රෝගී තත්ත්වයෙන් පසුවන සම්භාහන නිලධාරියාගේ නිවසට සොරුන් ඇතුළුවී මීට දින කිහිපයකට ඉහත දී භාණ්ඩ රැගෙන ගොස් තිබේ.
ඒ නිසා මේ සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුම එම නිවසට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ භාණ්ඩ ස්පර්ශ කිරීම් ආදී සිදුව ඇත.
මේ නිසා පොලිස් නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට මේවනවිට පත්ව ඇති බව වාර්තාවේ.
එසේම මෙම රෝගියා සම්බාහනය කළ තරුණයා පසුගිය දින කිහිපයේදී දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී ඇති බවත් අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් මෙම සම්භාහන මධ්‍යස්ථානයමේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බවද සඳහන්.









