FAST NEWS

24×7 Around the Globe

ජනපති සටනින් ඉවත් නොවන බව බර්නි සෑන්ඩර්ස්ගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා තවදුරටත් ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා තේරීමේ සටනින් ඉවත්ව නොමැති බව බර්නි සෑන්ඩර්ස් ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

බර්නි සෑන්ඩර්ස් මේ බව සඳහන් කළේ පක්ෂයේ සාමය ආරක්ෂා කරගැනීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනින් ඉවත්වන ලෙසට ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයින් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

තම අරමුණ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීම බවත් ඔහු ප්‍රකාශ කරයි.