FAST NEWS

24×7 Around the Globe

2020 ඔලිම්පික් තරඟාවලිය කල්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ඔලිම්පික් තරඟාවලිය කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරස අවධානම හමුවේ වසරකින් හෝ දෙකකින් කල්දැමීමට සිදුවනු ඇති බවට විදෙස් ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට ඇති සාර්ථකම විකල්පය එය බව සංවිධාන කමිටු සාමාජිකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

පවතින තත්වය හමුවේ කිසියම් අයුරකින් ඔලිම්පික් උළෙල නියමිත කාලයේදී පැවැත්වීමට නොහැකිවුවහොත් එය වසරකින් හෝ දෙකකින් කල්දැමීම උචිත බවට යෝජනා වී ඇත.