(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රෝගියකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාව තුලද කොරෝනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇත.
ඒ අනුව හැදල ලාදුරු රෝහල, මඩකලපුව විශ්ව විද්‍යාලය සහ කන්දකාඩුහි පිහිටි ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර තිබේ.
නමුත් හැඳල පිහිටි රජයේ ලාදුරු රෝහල සහ මඩකලපුව විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.
ඒ ආණ්ඩුවේ නියෝජිතයකු වූ නිමල් ලන්සාගෙන් සහ හිටපු ආණ්ඩකාරවරයකු වූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ගෙනි.
මෙහිදී ලන්සා මහතා ඊට විරෝධය පළ කරමින් කිසිසේත්ම හැඳල පිහිටි ලාදුරු රෝහල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කරලීමට ඉඩ නොතබන බවයි.
හිස්බුල්ලා මහතා මේ වනවිට මඩකලපුවේ අත්පත්‍රිකා බෙදා හරිමින් ආණ්ඩුවේ තීන්දුවට විරෝධය පළ කරමින් තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් එක් කොරෝනා රෝගියකු වාර්තාවේ.
එසේම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත.
මේ නිසා ලංකාවද එම තත්ත්වයෙන් ගැලවීම සඳහා පියවර නොගතහොත් සියල්ලටම ඒ සදහා වන්දි ගෙවීමට සිදු වනු ඇත.









