FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා වැළදේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය කටයුතු අමාත්‍ය නාඩින් ඩෝරිස්ටද නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට වාර්තා වේ.

එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෛරසය වැලඳී ඇතැයි තහවුරු කරගත් පලමු අවස්ථාව මෙය වේ.

මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් නව කොරෝනා මරණ 6 ක් වාර්තා වී ඇති අතර සටහන් වන ආසාධිතයන් සංඛ්‍යාව 382 කි.