FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර වංචාකරුවන් අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති  සැකකරුවන් හයදෙනා අද(10) හෝ හෙට(11) අධිකරණයට භාර වෙනු ඇති බව වාර්තා වේ. 

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් යන මහත්වරු ඇතුළු සැකකරුවන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙලෙස අධිකරණයට භාරවීමට නියමිත බවයි.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය 06 වැනිදා වරෙන්තු නිකුත් කළේය.

නමුත් ඉන් කිසිදු අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි නොවීම පිළිබඳව බොහෝ දෙනා රජයට චෝදනා එල්ල කරයි.