FAST NEWS

24×7 Around the Globe

දියණියට කළ දෙය නිසා එජාපය අතහරින්න මන්ත්‍රී කිරිඇල්ල සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමෙන් වැළකීමට තීරණය කර ඇත.

මීට හේතුව වී ඇත්තේ තමන්ට ජාතික ලැයිස්තුවත් තම දියණියට අපේක්ෂත්වයත් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවීමයි.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා මේ සඳහා අවස්ථාවක් ලබාදීමය කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඔහු මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහි පිටුපස බැනරයේ සමගි ජනබලවේගය ලෙස සඳහන් කර තිබුණි.