FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසය මාලදිවයිනයටත්

(ෆාස්ට් නිව්ස් | මාලදිවයින) – ප්‍රථම වරට කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු මාලදිවයිනෙන් හමුවී තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ ඉතාලි ජාතික සංචාරකයෙකුගෙන් බවයි.

එම ඉතාලි ජාතිකයා මේ වනවිට සිය රට බලා ගොස් ඇති අතර, එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කොරෝනා වෛරස් ආසාදිතයන් දිවයින් දෙකක් නිරෝධායනයට ලක්කිරිමට මාලදිවයින් රජය තීරණය කළ බවත් ඉතාලියේ ගත කළ කිසිවෙකුට අද (08) සිට මාලදිවයිනට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.