හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යන දෙපළ අපේ රටේ පසුගිය දවස්වල වැඩිදෙනා අතර කතාබහට ලක්වුණු චරිත දෙකක්නේ .
එ කියන්නේ මේ දෙන්නට දෙන්නා වැඩිය නුරුස්සුම් ගතියක්නේ තිබුණේ.
පසුගිය ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තුව මැතිවරණය දක්වාම හිටපු ජනාධිපති සහ ජනාධිපතිනිය දෙන්නට දෙන්නා එකිනෙකට හමුවුණෙත් නෑ.
ඒ කොහොම වුණත් ඔන්න පසුගිය දිනක මේ දෙන්නා එකිනෙකට හමුවෙලා තිබෙනවා.
ඒ පසුගිය දිනක පැවති උත්සවයකට සහභාගී වෙලා තියෙනවා මේ දෙන්නාම.
හැබැයි එතනදි අපිට ආරංචි වුණු විදියට මේ දෙන්නා නො කතා නො සිනාලු.
කොහොම හරි කාලයකට පස්සේ ඔන්න පළමු වතාවට මේ දෙන්නා එකම තැනකදී දැකගන්නටනම් ලැබුණා.
[youtube url=”https://www.youtube.com/watch?v=yDl9YdlNeKk” width=”560″ height=”315″]








