FAST NEWS

24×7 Around the Globe

කොරොනා වෛරසය හේතුවෙන් කැලිෆෝනියාවට හදිසි තත්ත්වයක්

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු කොරොනා මරණය වාර්තාවීමත් සමඟ එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ කෙරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයින් 11දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූවන් 158 දෙනෙකු වාර්තා වන අතර වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3 ක මුදලක් වෙන් කිරීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.