(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුකාරවරුන් තිදෙනකුට ඉල්ලා අස්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දැනුම් දී තිබේ.
ඒ ඔවුන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන බැවිනි.
මේ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල්ට වහාම ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.
තවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට පක්ෂයේ කටයුතුවලට ඉදිරිපත් වන්නේ නම් වහාම නිහඬ වන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම් දී තිබේ.
ආණ්ඩුකාරවරියන්ට සහ ආණ්ඩුකාරවරුන්ට දේශපාලන කටයුතුවල නිරත වීමේ කිසිදු අයිතිවාසිකමක් නොමැති බවද, ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් ඊට අවශ්‍ය උපදෙස් ආණ්ඩුකාරවරුන්ට ලබා දිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කරයි.









