FAST NEWS

24×7 Around the Globe

ටෙනසි ප්‍රාන්තයට බලපෑ ටොනාඩෝවෙන් 25 ක් ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකාවේ බලපෑ ටොනාඩෝ තත්ත්වයෙන් පුද්ගලයින් 25 දෙනෙක් මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ටෙනසි ප්‍රාන්තයට ඊයේ (03) රාත්‍රියේ විනාඩි කිහිපයක් තුළ ටොනාඩෝ දෙකක බලපෑම් එල්ල වූ බවයි.

මේ හේතුවෙන් එම ප්‍රාන්තයේ ගොඩනැගිලි සහ නිවාස රැසකට අලාභ හානි සිදුවී තිබේ.

සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා එරට බලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයන් ගණන තවදුරටත් ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විපතට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවී ඇති බවයි.