FAST NEWS

24×7 Around the Globe

ළග ඇති මුදල් නෝට්ටු වල අත්සන කාගේදැයි බලන්න.අවලංගු වීමේ අවදානමක්?

ශ්‍රී ලංකාවේ වලංගු මුදල් නෝට්ටු වල නිල අත්සන් තැබිය යුත්තේ මුදල් අමාත්‍යවරයාද නැතහොත් මහ බැංකුව අයත්වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ද යන්න පිලිබඳ නෛතික ගැටළුවක් ඇති වී ඇතැයි ඒ පිලිබඳ උනන්දුවක් දක්වන පාර්ශව පවසනවා.

මීට හේතු වී ඇත්තේ ඇමැතිවරුන්ගේ විෂය පථයන් තීන්දු කරන නව ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අයත්වන්නේ රවී කරුණානායක මහතා යටතේ ඇති මුදල් අමාත්‍යංශයට නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වීම නිසා ය.

රටක මුදල් කාසි සහ නෝට්ටු නිකුත් කරන්නේ ඒ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා ප්‍රධාන බැංකුව විසිනි. ලංකාවේ නම් මහ බැංකුවයි.. ලෝකයේ අන් සියළුම රටවල පාහේ එකී බැංකුව පවතින්නේ රටේ මුදල් භාර ඇමැතිවරයා හෝ මූල්‍ය ආණ්ඩුකාරයා හෝ මුදල් ලේකම්වරයා ආදී විවිධ තනතුරු නාම වලින් හැඳින්වෙන නමුත් මුදල් පිලිබඳ පාර්ලිමේන්තුවට හෙවත් ව්‍යවස්ථාදායකයට වගකියන පුද්ගලයකු යටතේ ය.

ඒ අනුව මුදල් නෝට්ටු වලට අත්සන් තබන්නේ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා බැංකුවේ ප්‍රධානියා සහ මුදල් පිලිබඳ ව්‍යවස්ථාදායකයට වග කියන පෙරකී පුද්ගලයකු විසිනි. විශේෂ තැන්හිදී පමණක් එක් අයෙකුගේ අත්සන පමණක් තැබෙන අවස්ථාද වේ.

ලංකාවේ මෙතෙක් කාලයක් මුදල් නෝට්ටු නිකුත් කරන මහ බැංකුව අයත් වූයේ මුදල් ඇමැතිවරයා යටතේ බැවින් මහ බැංකුවේ ප්‍රධානී වන මහ බැංකු අධිපති සහ මුදල් ඇමැතිවරයා මුදල් නෝට්ටු වල අත්සන් තැබුනු නමුත් දැන් මහ බැංකුව අයත් වන්නේ අගමැතිවරයාට ය. මහ බැංකු අධිපතිගේ අත්සන ගැන ගැටලුවක් නැත. ගැටළුව ඇත්තේ අනෙක් අත්සන පිලිබඳවය. රටේ මුදල් පිලිබඳව පාර්ලිමේන්තුවට වගකියන්නේ මුදල් ඇමැතිවරයා ය. නමුත් තමන්ගේ වගකීමක් නැති ආයතනයකින් නිකුත් කරන නෝට්ටුවකට මුදල් ඇමැතිට අත්සන් තැබිය හැකිද..? අත්සන් කළද එම නෝට්ටුව වලංගුද?

03