FAST NEWS

24×7 Around the Globe

සජින්ද වාස්ට වැලිකඩත් සුපිරි තැනක් වෙන් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙරේදා(27) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සජින්ද වාස් ගුණවර්ධනට වැලිකඩ බන්ධනාගාරයේ සුපිරි පහසුකම් ලබා දීමේ සුදානමක් පවතින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඔහු බන්ධනාගාර ගත කිරීමෙන් පසු අසනීප තත්වයක් පෙන්වා  රෝහල් බලධාරීන් රෝහලෙන් බැහැර කර තිබුණි.

පසුව රෝහල් ගත කෙරුණු ඔහුට කිසිදු රෝගී තත්ත්වයක් නැතැයි තහවුරු වුයේය.

ඉන් පසුව නැවත බන්ධන්ගාරය වෙත රැගෙනවිත් ඇති ඔහුට පහසුකම් මදි බව පවසා වෙන ස්ථානයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබේ.

ඒ අනුව ඔහු වෙනුවෙන් බන්ධනාගාරය තුළ සියලු පහසුකම් සහිතව වෙනම නවාතැනක් සකස් කර දීමේ සූදානමක් ද පවතින බව වාර්තා වේ.