FAST NEWS

24×7 Around the Globe

තුර්කි භටයන් 33 ක් සිරියානු ගුවන් ප්‍රහාරයකින් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිරියානු හමුදාව විසින් එරට වයඹදිග කලාපයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තුර්කි භටයන් 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් වැඩි මරණ සංඛ්‍යාවක් ඉඩ්ලිබ් පළාතෙන් වාර්තා වන බවත් මේ හේතුවෙන් කලාපයේ ගැටුම් තවදුරටත් උත්සන්න වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සිදුවීමෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යළි තුර්කිය වෙත ගෙන ගොස් ඇත.

මෑත කාලයේදී සිදුවූ ප්‍රහාරවලින් දිනක් තුළ වැඩිම තුර්කි භටයන් පිරිසක් මියගිය පළමු අවස්ථාව මෙය බව සඳහන්.