FAST NEWS

24×7 Around the Globe

ඇමැති S M චන්ද්‍රසේනගෙන් රාජ්‍ය නිලධාරීන්ට අල්ලසක්[LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට කළ කැප කිරීම අගයමින් නිලධාරීන්ගේ නිල නිවාස වල කාමර නොමිලේ වායුසමීකරණය කර දීමට ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා සූදානම් වේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද(28) දිනයේ පැවැත්වෙන බවට අදාළ නිලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව මෙම ලිපිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් වෙත යවා ඇත.

මෙම ලිපිය මේ වනවිට සමාජ ජාලවල සංසරණය වන අතර ඊට අමාත්‍ය එස් එම් චන්ද්‍රසේනට දැඩි විවේචන එල්ල කෙරේ.