FAST NEWS

24×7 Around the Globe

වියලි කාලගුණයත් සමඟ තේ වගාවට දැඩි බලපෑම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින වියලි කාලගුණයත් සමඟ මධ්‍යම කඳුකරයේ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

තේ වතු ආශ්‍රිතව පවතින ජල මුලාශ්‍ර සිඳී යෑම හේතුවෙන් තේ වගාවන් වියලී ගොස් ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී තේ වගාවටද හානි සිදුවීමට ඉඩ ඇති බවත් වතු අධිකාරීවරුන් සඳහන් කර සිටියේය.