FAST NEWS

24×7 Around the Globe

සිරි සමන්තභද්‍ර හිමිගේ උපන් දින සැමරුම [PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගේ 45 වන ජන්ම දිනය පසු ගිය දින සැමරුහ.

එසේම උන්වහන්සේගේ  පැවිදි දිවියට වසර 20ක් සම්පූර්ණ වූහ.

මේ  නිමිත්තෙ මහා සංඝයාවහන්සේලාට විශේෂ දහවල් දානමය පිංකමක් පසුගිය දා මැල්සිරිපුර මඩහපුර ආලකමන්දාව බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වුණි.

අති විශාල කේක් ගෙඩියක් ද කපමින් මෙහිදී උන් වහන්සේගේ ජන්ම දිනය සමරනු ලැබුහ.

ඊට සමගාමීව එම බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රහනත්වයෙන් සිසිදුකෙරුණි.

මැති ඇමතිවරු මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැස මෙම පිංකම වෙනුවෙන් සහභාගී වුහ.