(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා ලෝක වෙළඳපලේ බොරතෙල් මිල 38% කින් පහළ බැස්සේය.
වසර 50ක් තුළ මෙලෙස විශාල අගයකින් ලෝක වෙළඳපලේ බොරතෙල් මිල පහළ බැස ඇති බව විදෙස් මාධ්‍ය පවා වාර්තා කළේය.
එම අවස්ථාවේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 57යි ශත 30ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 51යි ශත 90ක් ලෙස සටහන් විය.
නමුත් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ ජනතාවට මේ අවස්තාවේදී සහනයක් ලබා දුන හොත් ඉතා ඉක්මනින් යලි වැඩි ගණනකින් තෙල් මිල ඉහළ දැමීමට සිදුවන බවයි.
අමාත්‍යවරයාට අප පෙන්වා දෙන්නේ මෙරට ඉන්ධන මිල ඉහළ ගිය විට මෙරට සෑම නිෂ්පාදනයකම මිල ඉහළ යන බවයි.එය වක්‍රාකාරයෙන් මෙරට දළ දේශීය නිෂ්පාදනයට විශාල බලපෑමක් එල්ල කරයි.
දෛනිකව තම වාහනයෙන් ගමන් බිමන් යන ජනතාවට මේ තෙල් මිල දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.
එසේම විශේෂයෙන් අප පරිභෝජනය කරනු ලබන සියළු භාණ්ඩ වල මිල තෙල් මිල අනුව උච්චාවචනය වේ.විශේෂයෙන්ම එය බලපාන්නේ එළවළු,පළතුරු වැනි සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිභෝජනය කරන දේවල් සඳහාය.
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල එලෙස පහත වැටුණද එහි වාසිය මෙරට ජනතාවට ලබා නොදීම පිළිබඳව වත්මන් රජය බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් 69 ලක්‍ෂයක ජනතාව තුල ඇත්තේ කණගාටුවකි.









