FAST NEWS

24×7 Around the Globe

ඉහළ මිලට ළූණු අලෙවි කරනන් පිලිබඳ වැටලීම් අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට පටහැනිව ලොකු ළූණු අලෙවිකරන වෙළඳුන් පිලිබඳ සිදුකරන වැටලීම් අද (27) සිට ආරම්භ කර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

දිවයින පුරා දීප ව්‍යප්තව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් හා පොලීසිය එක්ව මෙම වැටලීම් සිදුකරන බව එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩර මහතා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලොකු ළූණු කිලෝවක් සඳහා නියම කර ඇති රුපියල් 190 ක උපරිම සිල්ලර මිලට පටහැනි ඉහළ මිල ගණන් යටතේ ලොකු ළූණු අලෙවි නොකරන ලෙස වෙළඳුන් දැනුවත් කර ඇති බවයි.