FAST NEWS

24×7 Around the Globe

සුරියවැව ක්‍රීඩාංගණය උණුසුම් වෙයි ද්

(ෆාස්ට් නිව්ස් |හම්බන්තොට ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (26) පැවැත්විණ.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී වසර තුනකට පමණ අද (26) ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන අතර එය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් අතර දැඩි උද්යෝගයක් පැවති බව වාර්තා වේ.

මේ නිසාම අද තරගය නැරඹීමට පැමිණි පිරිසට සාපේක්ශව ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානයේ රාජකාරියේ යෙදීමට සිටි පිරිස අඩු වුණි.  මේ හේතුවෙන් ක්‍රීඩාංගණයට ප්‍රවිශ්ට වන ගේට්ටුව අසල නොසන්සුන්තාවයක් හට ගැණුනි.

පසුව එම පිරිස පාලනය කිරීම සඳහා  පොලීසියට සහ යුද හමුදාවට කැදවීමට සිදුවුණි.