(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය , ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව වාර්තා වේ.
ඉදිරි මැතිවරණයේදී තම සන්ධානය ආසන 90ක් ජයගතහොත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබෙන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසා ඇත.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ එවන් තත්ත්වයකදී තම පක්ෂයට සහාය දක්වනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.









