FAST NEWS

24×7 Around the Globe

ඝාතනයට ලක්වූ නඩරාජාගේ බිරිඳ මැතිවරණ තරග බිමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2006 වසරේ දී ඝාතනයට ලක්වු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ බිරිඳ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සූදානම් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා පවසයි. 

යාපනය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් සෂිකලා මහත්මිය මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

නඩරාජා රවිරාජ් 2006 නොවැම්බර් 10 වැනිදා කොළඹ ප්‍රදේශයක දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය.

ඔහු නීතිවේදීයෙකු හා ව්‍යාපාරියෙකු ලෙස කටයුතු කළ අතර , හෙතෙම ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ජ්‍යේෂ්ඨතමයෙකු ද විය.

රවිරාජ් මහතාගේ ජන්ද පදනම හරහා සෂිකලා රවිරාජ් මහත්මිය දේශපාලනය වෙත පිවිසීමට නියමිතය.