FAST NEWS

24×7 Around the Globe

චීනයේ බන්ධනාගාර 03 ක රැඳිවියන්ට කොරෝනා ආසාදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | චීනය) – කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය චීනයේ බන්ධනාගාර රැඳිවියන් 512 කට අධික පිරිසකට ආසාදනය වී ඇති බව එරට බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ බන්ධනාගාර 03 ක රැඳිවියන් 512 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ හුබෙයි, ෂැංග්ඩොන්ග් සහ ෂේජියෑන්ග් යන ප්‍රදේශවල පිහිටි බන්ධනාගාර 03 ක රැඳිවියන්ට බව සඳහන්.

චීන බලධාරීන් පවසන්නේ ව්‍යාප්ත වු ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.