FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍යට තවදුරටත් ගංවතුරින් බලපෑම් හේතුවෙන් එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගිය සතියේ බ්‍රිතාන්‍යට ඩෙනිස් සුළි කුණාටුවෙන් ඇතිවූ බලපෑමෙන් ප්‍රදේශ රැසක හටගත් ගංවතුර තවමත් පහව ගොස් නැති බවයි.

මේ හේතුවෙන් ගංවතුරට කොටුවී සිටි පුද්ගලයන් සියයක් පමණ මුදාගැනීමට සහන සේවකයන් සමත්ව තිබුණි.

අධික වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර ඉදිරි දිනවලදී ආපදා තත්ත්වය තවත් දරුණු වන බව එරට කාලගුණ වාර්තා සඳහන් කරයි.