FAST NEWS

24×7 Around the Globe

ලොකු පුටුව හිස් වීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අර්බුද රැසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව රජය පත්ව මාස තුනක් වැනි කාලයක් ගතවුවද තවමත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාලවරයෙකු පත් කර නොමැත.

මේ හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ එම දෙපාර්තමේන්තුවේ ගැටලු රැසක් මතුවී ඇතැයි වාර්තා වේ.

වත්මන් රජය බලයට පත් වීමත් සමඟම එහි හිටපු කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්කෙරුණි.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරය පුරප්පාඩු වී ඇති අතර දැනට මෙම දෙපාර්තමේන්තුවේ වැඩ බලන්නේ කොමසාරිස් උපාලි ජයසේකර මහතා විසිනි.

මේ හේතුවෙන් වේරහැර රියදුරු බලපත් නිකුත් කරන කාර්යාලයේ පාලන කටයුතුවලට දැඩිව බලපෑමක් එල්ල වී ඇති බවද වාර්තාවේ.