FAST NEWS

24×7 Around the Globe

නව පක්ෂයකට සියලු කටයුතු සූදානම් – වෙල්ගම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව පක්ෂයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වනවිට ගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. 

එම නව පක්ෂය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් , නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේය.

වර්තමානය වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හෝ එක්සත් ජාතික පක්ෂයක් මෙරට තුළ නොමැති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.