FAST NEWS

24×7 Around the Globe

පේරුහි පැතිර යන ඩෙංගු රෝගයෙන් 12 ක් ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පේරු රාජ්‍යයේ පැතිර යන ඩෙංගු උණ රෝගයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙක් මියගොස් තවත් ආසාදිතයන් 5480 ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම උණ රෝගය වැඩි වශයෙන් ඇමසෝනියා කලාපවල ව්‍යාප්ත වී තිබෙන අතර ඉන් වැඩි බලපෑම් එල්ලවූ කලාප කිහිපයකට ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කිරීමටත් පේරු බලධාරීන් පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් එම රෝගයට මේ වන තුරු නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගැනීමට හැකිවී නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසන්නේ මේ වසරේදී බොහෝ රටවලින් ඩෙංගු ආසාදිතයන් හමුවී ඇති බවයි.