FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු අද සිට Online ක්‍රමයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමයට හෙවත් Online ක්‍රමයට සිදු කර ගැනීමේ පහසුකම් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (19) ආරම්භ කරනු ලැබීය. 

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හට වාර්ෂිකව ලබා දෙන නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා ආසන වෙන් කිරීමේ දී මෙතෙක් පැවැති ක්‍රමය වූයේ අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය මත හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී එම සේවාව අද ආරම්භ කරන ලද්දේ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.