FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකාට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ඉහළ තනතුරක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ පිළිබඳව ඉදිරියේදී පක්‍ෂයේ අනෙක් සමාජිකයින් සමඟද සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එහිදී ඔවුන් එකඟ වූවහොත් හිටපු ජනාධිපතිනියට නව සන්ධානයේ තනතුරක් ලබාදිය හැකි යයිද ඔහු කියා සිටියේය.