FAST NEWS

24×7 Around the Globe

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි අමෙරිකානුවන් සියරටට ගෙන්වා ගනී

(ෆාස්ට් නිව්ස් |ජපානය) –  ජපානයේ නැංගුරම්ලා තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් මගී ප්‍රවාහන නෞකාවේ සිටි සියලු අමෙරිකානුවන් නව කොරෝනා වෛරස ආසාදන තත්ත්වය හේතුවෙන් ආපසු සියරටට ගෙන්වාගැනීමට අමෙරිකාව කටයුතු කර තිබේ. 

මෙම පිරිස නෙබ්‍රෙස්කා ප්‍රාන්තයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

දින 13 ක කාලයක් පුරා ජපානයේ දී නිරෝධායන ක්‍රියාවලියකට බදුන්ව සිටි අමෙරිකානුවන් සියලුදෙනාම ආපසු සිය රට වෙත ගෙන්වාගැනීමට අමෙරිකානුවන් පසුගියදා කටයුතු කළ බවත් , මේ අනුව නැවත ගෙන්වාගත් මුලු පිරිස 400 ක් බවත් සඳහන්ය.

අමෙරිකානු රජයේ ගුවන්යානා දෙකක් යොදාගෙන මෙම පිරිස නැවත ගෙන්වාගෙන තිබුණි.