(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් එළැඹෙන මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප්රභාකරන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වදින බව ප්‍රකාශ කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔහු තරඟ වැදීමට නියමිත බව මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත් පවසයි.
තමන් මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බවද මුරලිදරන් ප්‍රකාශ කර ඇති අතර වතුකරයේ ජනතාව වෙනුවෙන් තම සහෝදරයා තරඟ වැදීමට සූදානම්ව සිටින බව ඔහු පවසා තිබේ.
වතු ජනතාවට ශක්තියක් වීමට තම සහෝදරයා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින බවයි ඔහු ප්‍රකාශ කළේය.









