FAST NEWS

24×7 Around the Globe

කොස්ටරිකාහි දී ටොන් 5 කට අධික කොකේන් තොගයක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් |කොස්ටරිකා) – කොස්ටරිකා රාජ්‍යයේදී ටොන් 5 කට අධික බරින් යුත් කොකේන් තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය නෙදර්ලන්තයට යැවීමට සූදානම් කර තිබිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර , කොස්ටරිකා රාජ්‍යයේ සැන් ජෝස් අගනුවර ආසන්නයේ වරායකදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍යය ජාවාරමට එරෙහිව එරට ක්‍රියාත්මක වැඩසටහන යටතේ අත්අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය මෙයයි.

විසිතුරු පැළ සමග සූක්ෂ්ම අයුරින් බහලුම් 202 ක කොකේන් තොගය අසුරා තබා ඇත.

වසර ගණනාවක සිට යුරෝපයට හා අමෙරිකාවේ උතුරු ප්‍රදේශයට කොකේන් ප්‍රවාහනය කෙරෙන්නේ මධ්‍යම අමෙරිකානු රටවල් හරහායි.