FAST NEWS

24×7 Around the Globe

ඩෙනිස් සුළි කුණාටුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් රාජධානියට දැඩිව එල්ල වී තිබෙන ඩෙනිස් සුළි කුණාටුව හේතුවෙන් එරට පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ පැයට කිලෝමීටර 100 ක පමණ ප්‍රබලත්වයකින් හමා යන මෙම කුණාටුව නිසා ප්‍රංශයේ 60,000ක පමණ පිරිසකට විදුලිය ඇණහිට ඇති බවයි.

විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා හමුදා සාමාජිකයන් යොදවා තිබේ.

සතියක් තුළ කලාපයට බලපෑ දෙවන සුළි කුණාටුව මෙයයි.

වේල්සයේ සහ එංගලන්තයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම්, නායයෑම් සහ තද සුළං හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටින බව සඳහන්.

ප්‍රංශයේ බ්‍රිටනි කලාපයේ නිවාස 30,000කට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා 450 ක කාර්ය මණ්ඩලයක් යොදවා තිබ.

මේ හේතුවෙන් මහාමාර්ග හා දුම්රිය මාර්ග රැසක්ද ගංවතුරට හසුවී ඇති අතර ප්‍රවාහන සේවා අඩාලවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.