FAST NEWS

24×7 Around the Globe

සෞදි අරාබි ප්‍රහාරවලින් යේමනයේ පුද්ගලයින් 31ක් මිය යයි

(ෆාස්ට් නිව්ස් | යේමනය) – සෞදි සන්ධානයට අයත්  යුද ගුවන් යානයක් යේමනයේ උතුරු දිග අල්ජෝෆ් ප්‍රදේශයට කඩා වැටී තිබේ.

යේමන් හමුදා කණ්ඩායම් වෙත සහය පළ කිරීමේ මෙහෙයුමක් අතරතුර කඩා වැටුණු බව සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ නමුත් යේමනයේ හවුති කැරළිකරුවන් පවසන්නේ තමන් විසින් අදාළ ප්‍රහාරක යානය බිම හෙලු බවයි.

කෙසේ නමුත්, සෞදි අරාබි ගුවන් ප්‍රහාරවලින් යේමනයේ අල් ජාව්ෆ් ප්‍රදේශයේ සිවිල් වැසියන් 31 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

සෞදි සන්ධානය 2015 වසරේ සිට යේමනයේ සටනට අවතීර්ණ වූයේ එහි ජාත්‍යන්තරව පිළිගත් රජය හවුති කැරලිකරුවන් විසින් පෙරලා දැමීමෙන් අනතුරුවයි.